ඇපල් සමාගම විසින් අයිෆෝන් සහ අයිපෑඩ් උපාංග සඳහා iOS මෘදුකාංගයේ නව සංස්කරණයක් ඉදිරිපත් කර ඇති අතර තම ඇපල් අයිෆෝන් සහ අයිපෑඩ් උපාංග යාවත්කාලීන කරගන්නා මෙන් දැනුම් දී තිබෙනවා. මීට පෙර අවස්ථාවන් හි දී මෙන් නොව මෙවර මෙම යාවත්කාලීන කිරීම කඩිනමින් සිදුකර ගන්නා මෙන් උපදෙස් දෙන ඇපල් සමාගම ඒ සඳහා හේතුව වශයෙන් දක්වා ඇත්තේ, iOS 14.4 හි පවතින හඳුනාගත් අනාරක්‍ෂිතතා සඳහා වන විසඳුම් කිහිපයක් ඇතුළත් කර තිබීමයි.
ඇපල් සමාගමට අනුව නව සංස්කරණය මගින් ප්‍රධාන දෝෂ 03 ක් සඳහා විසඳුම් ලබා දී ඇති අතර ඒවා CVE-2021-1782, kernel vulnerability සහ CVE-2021-1871, CVE-2021-1870 WebKit browser engine හි පැවති ආරක්ෂක දෝෂයන් වශයෙන් දක්වා ඇත. කෙසේ වෙතත් පැරණි සංස්කරණයේ පවතින දෝෂ පරිශීලකයින්ගේ තොරතුරුවල ආරක්ෂාවට කුමන ආකාරයේ බලපෑමක් එල්ල කළ හැකි ඒවාදැයි ඇපල් සමාගම විසින් හෙළිදරවු නොකරයි. ඒ අනුව ඔබේ ඇපල් උපාංගය ඉලක්කගත සයිබර් ප්‍රහාරයකට පමණක් ගොදුරු විය හැකි ද, නැතහොත් පොදුවේ ඉතා පහසුවෙන් ඔබේ තොරතුරු වෙනත් පාර්ශවයක් අතට පත් වේ දැයි යන්න පිළිබඳ නිශ්චිත අදහසක් ලබා ගැනීමට අපහසු වී ඇත.
ඉතා කඩිනමින් ඔබේ උපාංග නව iOS 14.4 සංස්කරණය වෙත යාවත්කාලීන කර ගන්නා මෙන් ඉල්ලා සිටින ඇපල් සමාගම මෙම ආරක්ෂක දෝෂ කුමණ ආකාරයක ඒවා දැයි සඳහන් කර නොමැත. බොහෝ පරිශීලකයන් ප්‍රමාණයක් දෝෂ සහිත පැරණි සංස්කරණය මගින් ක්‍රියාත්මක වන උපාංග භාවිතා කරන බැවින් හඳුනාගන්නා ලද මෙම දෝෂයන් පිලිබඳ තොරතුරු වෙනත් පාර්ශවයක් වෙත පත් වුවහොත් වඩා පහසුවෙන් ඔවුන් හට එම උපාංග වෙත පිවිසිය හැකි වීම එයට හේතුවයි. “Apple will release more details soon,” එම සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඇපල් සහ ගූගල් සමාගම් තම ජංගම උපාංග සඳහා වන මෙහෙයුම් පද්ධතීන්හි පවත්නා දෝෂ සහ අවදානම් නිරාකරණය කිරීම පිලිබඳ නිරන්තරයෙන් සහයෝගයෙන් කටයුතු කරනු ලබයි. එසේ වුවද ඇතැම් දෝෂයන් සඳහා විසඳුම් ලබා දීමට අපහසු වී ඇති අවස්ථාවන් සහ කිසිසේත්ම අනාවරණය කරගත නොහැකි වූ අවස්ථාවන් ද පවතී. මෙහෙයුම් පද්ධතියේ ආරක්ෂාව සම්බන්ධ දෝෂ හඳුනාගත් වහාම ඒ සඳහා විසඳුම් ලබා දී හැකි ඉක්මනින් පරිශීලක උපංග යාවත්කාලීන කිරීමේ අරමුණින් එම සමාගම් විසින් කටයුතු කරනු ලබයි. 2020 වසර ආරම්භයේ iOS Wi-Fi සම්බන්ධ ආරක්ෂක දෝෂයක් Google විසින් හඳුනාගන්නා ලද අතර වෙනත් පාර්ශවයක් විසින් එම දෝෂය සොයා ගැනීමට ප්‍රථමයෙන් Google සමාගම විසින් රහසිගතව එම දෝෂය පිළිබඳ ඇපල් සමාගම දැනුවත් කිරීමෙන් පසු ඒ සඳහා විසඳුමක් සහිත security patch එකක් ලබා දීමට ඇපල් සමාගම කටයුතු කරන ලදී. ඔබ කිසි විටෙකත් ඔබේ උපාංගය යාවත්කාලීන නොකළේ නම්, ඔබද සයිබර් ප්‍රහාරයක ගොදුරක් වීමට ඉඩ ඇති අතර, නවතම යාවත්කාලීන කිරීම ලබා නොගතහොත් එකී අවදානම තවදුරටත් වැඩි වනු ඇත.
අවාසනාවකට, මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් ඇපල් සමාගම පෙර මෙන් කීර්තියක් නොදරයි. පැරණි දුරකථන යාවත්කාලීන කිරීමේ මුවාවෙන් එම උපාංගයන්හි ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම, බැටරි ආයුකාළය සම්බන්ධයෙන් සිදු කරන ලද වෙනස්කම් ආදිය නිසා 2020 වසරේදී ඇපල් සමාගමට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමටත්, ඇමරිකන් ඩොලර් 500ක වන්දියක් ගෙවීමටත් සිදු විය. ඒ සමගම ඇතැම් ඇපල් පරිශීලකයින් ඇපල් සමාගම සම්බන්ධයෙන් තබා තිබූ විශ්වාසයද පළුදු වී ඇත.
බොහෝ iPhone සහ iPad හිමිකරුවන්ට ඔවුන්ගේ උපාංග සඳහා යාවත්කාලීන කිරීම් ලබා ගත හැකි අතර ඇපල් සමාගම පවසන්නේ iOS 14.4 සංස්කරණය iPhone 6S, iPad Air 2, iPad Mini 4 සහ 7th Gen iPod Touch දක්වා වන උපාංගයන් සඳහා සහාය දක්වන බවයි. ඒ අනුව මෙම උපාංගයන් හෝ එයට වඩා නව උපාංග වේ නම් ඒ සියල්ල නව ඇපල් iOS 14.4 සංස්කරණය වෙත යාවත්කාලීන කළ හැකි වනු ඇත.


Comments
Post a Comment