ඔබ විසින් සැලසුම් කරන සීසීටීවී පද්ධතිය සඳහා හොඳම විකල්පය කුමක්ද? අපි අද කතා කරන්නේ ඇනලොග් සහ ඩිජිටල් කැමරා ගැනයි..
නිරන්තරයෙන් විකාශනය වෙමින් පවතින තාක්ෂණය සීසීටීවී පද්ධති සඳහාද සෘජුව බලපෑම් කරන බව අප සැවොම දන්නා කරුණක්. සීසීටීවී පද්ධතියක් සැලසුම් කිරීමේදී ඔබ විසින් තෝරා ගත යුතු වන්නේ කුමන වර්ගයක කැමරාද යන්න පිළිබඳ දැනුවත් වීම සඳහා ඇනලොග් සහ ඩිජිටල් වීඩියෝ නිරීක්ෂණ කැමරාවල වාසි සහ අවාසි පිළිබඳ සාකච්ඡා කරමු.ඇනලොග් සීසීටීවී සහ ඩිජිටල් (අයිපී) සීසීටීවී අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ වීඩියෝ පටිගත කර සම්ප්‍රේෂණය කරනු ලබන ආකාරය වේ. ඇනලොග් කැමරා රූප පටිගත කර කේබලයක් හරහා සංඥා DVR (ඩිජිටල් වීඩියෝ රෙකෝඩරය) වෙත යවනු ලබන අතර DVR යන්ත්‍රය මගින් වීඩියෝව ඇනලොග් සිට ඩිජිටල් සංඥා බවට පරිවර්තනය කර ගොනුව සම්පීඩනය (Compress) කරන අතර, එය දෘඩ තැටියක ගබඩා කරයි. වීඩියෝව නැරඹීමට නම් DVR යන්ත්‍රය වෙත මොනිටර සම්බන්ධ කළ යුතු වේ, නැතහොත් අභ්‍යන්තර ජාලයක් හරහා හෝ අන්තර්ජාලය හරහා විකාශනය කිරීම සඳහා DVR යන්ත්‍රය රවුටරයකට සම්බන්ධ කළ හැකිය.
IP මත පදනම් වූ සීසීටීවී පද්ධතිවල ඩිජිටල් ආරක්ෂක කැමරා, දර්ශණ ඩිජිටල් ආකාරයෙන් පටිගත කරයි. එබැවින් DVR යන්ත්‍රයක් හරහා සංඥා යැවීමේ ක්‍රමයට වඩා වේගයෙන් පරිගණක ජාලයක් හරහා දත්ත ලබා ගැනීමට සහ යැවීමට හැකියාව ඇත.
වඩා හොඳ විකල්පය කුමක්ද?

ඇනලොග් සහ ඩිජිටල් ආරක්ෂක කැමරා පද්ධති දෙකෙහිම වාසි සහ අවාසි ඇති බැවින් මෙය සරළව පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක් නොවේ. ඔබ තීරණයක් ගැනීමට පෙර මෙම වාසි සහ අවාසි පිළිබඳව දැනුවත් වී ඔබේ අවශ්‍යතාවයන් සඳහා ගැලපෙන තෝරාගැනීම සිදු කිරීම වැදගත් වේ.
ඇනලොග් ආරක්ෂක කැමරාවල වාසි

පිරිවැය: සාමාන්‍යයෙන් ඩිජිටල් කැමරා වලට සාපේක්ෂව ඇනලොග් කැමරාවල පිරිවැය අඩුය.
සරල බව: ඇනලොග් කැමරා ස්ථාපනය කිරීම සහ DVR යන්ත්‍ර සැකසීම ඩිජිටල් කැමරා සහ NVR සැකසීමට සාපේක්ෂව සරල ක්‍රියාවලියකි.
අඩු Bandwidth අවශ්‍යතාවය: ඇනලොග් කැමරා මගින් පටිගත කරන ලද වීඩියෝ ලිපිගොනු කුඩා වන අතර ඒවා සම්ප්‍රේෂණය කිරීම සඳහා විශාල දත්ත ප්‍රමාණයක් අවශ්‍ය නොවේ.
තවද පුළුල් පරාසයක ඇනලොග් කැමරා වර්ග ඇති බැවින්, ඔබට අවශ්‍ය සියලුම පහසුකම් අඩු වියදමකින් සම්පූර්ණ කර ගත හැක.

අවාසි

කේබල් කිරීම: කැමරාවන් කේබල් හරහා බල සැපයුම සහ ඩීවීආර් යන දෙකටම සම්බන්ධ කළ යුතු නිසා විශාල රැහැන් ප්‍රමාණයක් අවශ්‍ය වේ, තවද ඩිජිටල් කැමරා පද්ධති සඳහා භාවිතා කරන CAT 5 හෝ 6 රැහැන් වලට වඩා ඇනලොග් කැමරා සඳහා භාවිතා කරන Coaxial කේබල් සාමාන්‍යයෙන් මිල අධිකය.
දර්ශණ වල ගුණාත්මකභාවය: ඇනලොග් කැමරාවල රූපයේ ගුණාත්මකභාවය තරමක් අඩුය. අද බොහෝ ස්මාර්ට්ෆෝන් වල ඉහළ තිර විභේදනයක් (Screen resolution) ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන්, දුරස්ථ දර්ශණයන්හි පැහැදිළි බව අඩු වේ. එපමණක් නොව, ඩිජිටල් Zoom පහසුකම් නොමැති අතර, ඔබ ඇනලොග් වීඩියෝවෙන් යමක් විශාලනය කිරීමට උත්සාහ කරන්නේ නම්, ඔබට තරමක් බොඳවූ සහ අපැහැදිළි දර්ශන ලැබෙනු ඇත.
ආවරණ ප්‍රදේශය: සාමාන්‍යයෙන්, ඇනලොග් නිරීක්ෂණ කැමරාවලට, ඩිජිටල් කැමරාවලට වඩා පටු දෘෂ්ටි ක්ෂේත්‍රයක් ඇත, එබැවින් ඔබට අවශ්‍ය ප්‍රදේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම සඳහා ඔබට වැඩි ඇනලොග් කැමරා ප්‍රමාණයක් අවශ්‍ය වීමට ඉඩ ඇත.
ස්ථානගත කිරීමේ සීමාවන්: ඇනලොග් කැමරා DVR යන්ත්‍රය සමඟ සම්බන්ධ කළ යුතු බැවින්, කැමරාවන් ස්ථාපනය කිරීමේදී DVR යන්ත්‍රයේ සිට කැමරාවට ඇති දුර පිළිබඳව විශේෂයෙන් සැලකිළිමත් විය යුතුය, නැතහොත් සම්බන්ධතාවයේ විශ්වසනීයත්වය සහ දර්ශණ වල ගුණාත්මක භාවය අඩුවීමේ අවදානමක් ඇත.
සීමා සහිත සම්බන්ධතා: DVR යන්ත්‍ර වල ports කිහිපයක් පමණක් ඇති බැවින් ඔබට ඒවාට සම්බන්ධ කළ හැක්කේ සීමිත කැමරා සංඛ්‍යාවක් පමණි. ඔබට තවත් කැමරා ස්ථාපනය කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඔබට අමතර DVR උපාංගයක් සවි කිරීමට සිදුවේ.
රැහැන් රහිත හැකියාව : සාමාන්‍යයෙන් ඇනලොග් සංඛ්‍යාත සහ සංඥා ශක්තිය පිළිබඳ රජයේ රෙගුලාසි නිසා ඇනලොග් රැහැන් රහිත පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම අපහසු වේ.
ගුප්තකේතනය (Encryption): ඇනලොග් සංඥා සංකේතනය කළ නොහැක, එබැවින් තොරතුරු වල ආරක්ෂාව අතින් ගත් කල ඇනලොග් කැමරා පද්ධතියක දර්ශණ පහසුවෙන් පිටස්තර පාර්ශවයක් වෙත ලබා ගැනීමට හැකියාව ඇත.

ඩිජිටල් ආරක්ෂක කැමරා පද්ධතියක ඇති වාසි
රූපයේ ගුණාත්මකභාවය: ඩිජිටල් ආරක්ෂක කැමරාවල රූපයේ ගුණාත්මකභාවය ඇනලොග් වලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගන්නා අතර බොහෝ කැමරාවල අධි-විභේදන වීඩියෝ පටිගත කිරීමට සහ සම්ප්‍රේෂණය කිරීමට හැකියාව ඇත. තවද ඩිජිටල් කැමරාවලට ඩිජිටල් විශාලන විශේෂාංග ඇති බැවින් දර්ශණ පැහැදිළිව විශාලනය කළ හැකිය.
ආවරණ ප්‍රදේශය: තනි ඩිජිටල් කැමරාවකට, ඇනලොග් කැමරා තුනක් හෝ හතරක් අවශ්‍ය වන ප්‍රදේශයක් ආවරණය කළ හැකිය. එබැවින් යම් කාර්යයක් සඳහා යොදා ගත යුතු ඇනලොග් කැමරාවන් ප්‍රමාණයට වඩා අඩු කැමරා සංඛ්‍යාවකින් පුළුල් ප්‍රදේශයක් ආවරණය කළ හැක.
අඩු රැහැන් ප්‍රමාණයක් අවශ්‍ය වීම: එක් එක් කැමරාව තනි තනි රැහැන් මගින් ඩීවීආර් උපාංගය වෙත සම්බන්ධ කරනවා වෙනුවට ඩිජිටල් කැමරා පද්ධතියක කැමරා තනි ස්විචයකට සම්බන්ධ කළ හැකි වේ. එම ස්විචය තනි රැහැනක් මගින් NVR එක සමග සම්බන්ධ කල හැක.
NVR යන්ත්‍රයේ සිට කැමරාවට ඇති දුර ප්‍රමාණය එහි ක්‍රියාකාරීත්වයට බාධාවක් නොවන අතර සවිකළ හැකි කැමරා සංඛ්‍යාව පිළිබඳ සීමාවන්ද අවම වේ.
පවර් ඕවර් ඊතර්නෙට් (PoE): ඊතර්නෙට් රැහැන් මගින් බලය සම්ප්‍රේශණය කිරීම මඟින් කැමරාවලට විදුලිය සැපයීමට හැකි වන අතර අවශ්‍ය වනකේබල් ප්‍රමාණය අඩු කරයි.
රැහැන් රහිත හැකියාව: රැහැන් රහිත ජාලයක් තුළ ක්‍රියාත්මක වීමට ඩිජිටල් ආරක්ෂක කැමරා පද්ධති ඉතා සුදුසු බැවින් ඔබට අවශ්‍ය නම් වඩාත් දුරස්ථ ස්ථානයන්හි සජීවී දර්ශණ පහසුවෙන් නැරඹිය හැකිය.
ගුප්තකේතනය: ඩිජිටල් ආරක්ෂක කැමරා මගින් සම්ප්‍රේශණය වන දත්ත ගුප්තකේතනය කර ඇති බැවින් ඩිජිටල් කැමරා පද්ධති ඇනලොග් පද්ධති වලට වඩා ආරක්ෂිත වේ.

ස්ථාපනය කිරීම තරමක් සංකීර්ණ වේ: ජාලගත කිරීමේ සහ ස්විච සැකසීමේ දැණුම අවශ්‍යයි.
ඉහළ ආරම්භක පිරිවැය: කැමරාවන් සහ උපකරණ (කේබල් හැරුණු විට) ඇනලොග් හා සසඳන විට වැඩි වේ.
ඉහළ Bandwidth අවශ්‍යතාවය: IP ආරක්ෂක කැමරා පද්ධති සඳහා සාමාන්‍යයෙන් ඇනලොග් වලට වඩා Bandwidth එකක් අවශ්‍ය වේ. රූපරාමු Compress කළද ඉහළ විභේදනයක් සහිත වීම මීට හේතුවයි.
Archive අවශ්‍යතාවය: ඉහළ විභේදන සහිත රූප රාමු මගින් විශාල ප්‍රමාණයේ ගොනු නිර්මාණය වන අතර ඒ සඳහා දෘඩ තැටියේ වැඩි ඉඩකඩක් වැය වේ.

ඇනලොග් හා ඩිජිටල් අතුරින් ඔබේ පද්ධතිය සඳහා වඩා සුදුසු විකල්පය ඔබේ අවශ්‍යතාවයන් මත රඳා පවතී. ව්‍යාපාරික ආරක්‍ෂණ පද්ධති සහ සීසීටීවී පිළිබඳ විශේෂඥයන් සහ වෘත්තිකයන් හරහා වඩා සුදුසු විසඳුමක් ලබා ගැනීමට දැන් ඔබට හැකියාව ඇත. ඔබේ ආරක්ෂක අවශ්‍යතා මොනවාද සහ ඔබේ අයවැය තුළ ඒවා සපුරාලන්නේ කෙසේද යන්න තීරණය කිරීමට අවශ්‍ය දැණුම ලබා දීමට අප සූදානම්. මෙම ලිපිය මගින් ඔබේ දැණුමට යමක් එකතු කිරීම Amazing Academy අපේ අපේක්ෂාවයි. ඔබේ අදහසත් පහතින් දක්වන්න.. ස්තුතියි!
Comments
Post a Comment