CCTV දර්ශණ අපැහැදිළිද? අද අපි සාකච්ඡා කරන්නේ සීසීටීවී කැමරා කාච පිරිසිදු කිරීම ගැනයි.

සීසීටීවී පද්ධති වල වීඩියෝ ගුණාත්මකභාවය අඩු යැයි මැසිවිළි නැගෙන බොහෝ අවස්ථාවන් වල ඊට හේතු විය හැකි ප්‍රධාන සාධකයක් වන්නේ කුණු දුහුවිළි බැඳුණු අපිරිසිදු සීසීටීවී කැමරා කාචයන් වේ. වීඩියෝ ප්‍රතිදානයන්හි පැහැදිලිතාවය පවත්වා ගැනීමට නම් කැමරා කාචය පිරිසිදුව පැවතීම ඉතා වැදගත් වේ.
සාමාන්‍යයෙන් නම් මාසිකව හෝ අඩුම වශයෙන් මාස 3 කට වරක් වත් කැමරා කාච පිරිසිදු කිරීමට කටයුතු කරන්නේ නම් ඔබට දර්ශණ වල ගුණාත්මක භාවය පිළිබඳ මතුවන ගැටලු අවම වනු ඇත.
සීසීටීවී කැමරාවක කාචය පිරිසිදු කිරීම ඉතා පහසු කාර්යයකි. නමුත් නිසියාකාරව මෙම කාර්යය සිදු නොකළ හොත් කැමරා කාචයට හානි සිදු විය හැක.
ආරක්ෂිතව සීසීටීවී කැමරා කාචය පිරිසිදු කිරීම සඳහා පහත සඳහන් පහසු පියවරයන් අනුගමනය කළ හැක .
ඔබට අවශ්‍ය දේ:
  1. පිරිසිදු මයික්‍රෝ ෆයිබර් රෙදි (සුපිරි වෙළඳසැළකින්, උපැස් වෙළඳසැළකින් හෝ ebay, amazon වැනි අන්තර්ජාල වෙළඳපොළකින් පහසුවෙන් ලබා ගත හැක.)
  2. සම්පීඩිත වාතය කෑන් (Compressed air can) එකක් හෝ Handheld air blower එකක් (සුපිරි වෙළඳසැළකින් හෝ හාඩ්වෙයාර් එකකින් මිලදී ගත හැක) (අත්‍යවශ්‍ය නොවේ)
  3. කාච පිරිසිදුකාරකයක් (Lens cleaner) (සුපිරි වෙළඳසැළකින්, හෝ ebay, amazon වැනි අන්තර්ජාල වෙළඳපොළකින් පහසුවෙන් ලබා ගත හැක.) (අත්‍යවශ්‍ය නොවේ)

සීසීටීවී කැමරා කාච පිරිසිදු කිරීමට අනුගමනය කළ යුතු පියවර:
පළමුව, සීසීටීවී කැමරාව පිරිසිදු කරන පුද්ගලයාගේ ආරක්ෂාව සඳහා සහ කැමරාවේ චලනය වන යාන්ත්‍රණයට කිසිදු හානියක් සිදුවීම වැළැක්වීම සඳහා සීසීටීවී කැමරා ඒකකය ක්‍රියා විරහිත කරන්න.
ඔබට සම්පීඩිත වාතය තිබේ නම්, කැමරා කාචයේ ඇති දුහුවිලි ආදිය ඉවත් කිරීමට එය භාවිතා කරන්න. එසේ නොමැතිනම් Handheld air blower එක හෝ වායු දහරක් පිඹීම මගින් දුහුවිලි ඉවත් කරගන්න.
දැන්, මයික්‍රෝ ෆයිබර් රෙදිකඩක් භාවිතා කරමින් මෘදුව කාචය පිස දමන්න.
පසුව, පිරිසිදු කිරීමේ ද්‍රාවණයෙන් කුඩා ප්‍රමාණයකින් මයික්‍රෝ ෆයිබර් රෙදිකඩ තෙත් කර සීසීටීවී කැමරා කාචය මෘදු ලෙස පිස දමන්න. ඔබට කාච පිරිසිදුකාරකයක් නොමැති නම්, තෙතමනය ඇති කිරීම සඳහා කැමරා කාචයට ප්‍රාශ්වාස කර පිරිසිදු මයික්‍රෝ ෆයිබර් රෙදිකඩකින් මෘදුව පිස දමන්න.
දැන් ඔබ කැමරා කාචය නිසි පරිදි පිරිසිදු කර අවසන්. මින් ඔබේ සීසීටීවී පද්ධතියේ දර්ශණවල පැවති අපහැදිළි ස්වභාවය ඉවත් වී යනු ඇත. කාච පිරිසිඳු කිරීමෙන් පසුවත් ගැටලුව පවතී නම් සීසීටීවී පිළිබඳ දැණුම ඇති තාක්ෂණික ශිල්පියකු වෙත යොමු වන්න.

Comments