Coaxial රැහැන් සහ BNC Connecters ගැන දැනගනිමු..


Coaxial රැහැන් සඳහා සම්බන්ධක ලෙස භාවිතා කරනුයේ BNC Connecters වන අතර ලොව පළමු Local area network එක ලෙස සැලකෙන IBM PC ජාලය සඳහා භාවිතා කරන ලද්දේද coaxial cable වේ. තවද 10BASE2 Ethernet ඇතුළුව මුල් කාලීන පරිගණක ජාල සඳහා බහුලව BNC Connecters භාවිතා විය. අද වන විට BNC Connecters ගුවන් විදුලි, රූපවාහිනී සහ වෙනත් ගුවන් විදුලි සංඛ්‍යාත ඉලෙක්ට්‍රොනික උපකරණ සහ වීඩියෝ සංඥා හුවමාරු පද්ධතීන් සඳහා බහුල වශයෙන් භාවිතා කරනු ලබයි.
බයෝනෙට් නීල්-කොන්සල්මන් සම්බන්ධකය (Bayonet Neill-Concelman connector නොහොත් BNC) ලෙස හඳුන්වන මෙම සම්බන්ධක වර්ගය Bayonet Nut Connector or British Naval/Navy Connector යනුවෙන්ද හඳුන්වයි. Coaxial කේබලය සමඟ භාවිතා කරන සම්බන්ධක වර්ගයකි. මෙම සම්බන්ධකය ටෝකන් රින්ග් ජාලයන්හි බහුලව භාවිතා වේ.
Analog CCTV පද්ධතියකදී ඔබට Coaxial cables සහ BNC connecters භාවිතා කිරීමට සිදුවනු ඇත. මූලිකව Male සහ Female ලෙස BNC Connecters වර්ග දෙකක් හඳුනාගත හැකිය. coaxial cable ඉක්මනින් සහ පහසුවෙන් සම්බන්ධ කිරීම සඳහා මෙම සම්බන්ධක භාවිතා කරනු ලබයි.
Stripping සහ Crimping tool එකක් භාවිතා කිරීම මගින් පහසුවෙන් ඔබට BNC සම්බන්ධකයක් ස්ථාපනය කර ගැනීමට හැක.

Comments