අප සතු වත්කම් සුරක්‍ෂිතව
රැකගැනීම පිළිබඳව ඇත්තටම අප සැලකිළිමත්ද? වෙහෙස මහන්සියෙන් උපයා ගත් මුදල් සීසීටීවී
පද්ධතියක් වෙනුවෙන් වියදම් කරන විට අපට හොඳ ප්‍රතිලාභයක් ලැබේද? මනාව සැලසුම් කරන ලද වෘත්තීයමය
වශයෙන් ස්ථාපනය කර ඇති ආරක්ෂක පද්ධතියකින් අපගේ පරිශ්‍රය ආවරණය කිරීම කෙතරම් වැදගත්
ද? අද මාතෘකාව ඒ
ගැනයි.
ව්‍යාපාරික ස්ථානයේ ආරක්ෂාව
සැපයීම සඳහා වඩාත්ම ලාභදායී ක්‍රමයක් වන්නේ සීසීටීවී ආරක්ෂාව හෝ වීඩියෝ නිරීක්ෂණ පද්ධති
භාවිතා කිරීමයි. නවීන ආරක්ෂක කැමරාවල භාවිතා කරන ඉතා දියුණු තාක්‍ෂණයන් මඟින් ව්‍යාපාරයන්ට
තම සේවා අඛණ්ඩව හා බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත්, නිරන්තර අධීක්‍ෂණය මගින් ව්‍යාපාරික
වත්කම් ආරක්ෂා කර ගැනීමෙන් පිරිවැය සහ අවදානම අඩු කර ගැනීමටත් හැකියාව ලැබී ඇත.අධික පිරිවැයක් වැයවන
ආරක්ෂක සේවාවන් සඳහා වැය කරන මුදලට සාපේක්ෂව ගත් කළ සීසීටීවී කැමරා පද්ධති සඳහා
වැය වන මුදල අඩු මුදලක් වන අතර එමගින් තත් කාලීන (Live) දුරස්ථ වීඩියෝ නිරීක්ෂණයක් ලබා ගත හැකි
වීමෙන් විශ්වසනීයත්වයද ඉහළ යයි.
ඒ අනුව වර්තමානයේ ව්‍යාපාර
සඳහා සීසීටීවී පද්ධතියක් පැවතීම තීරණාත්මක හා අත්‍යාවශ්‍ය වීමට හේතු 07 ක් මෙන්න:
01. පිරිවැය සහ අවදානම අඩු
කරගන්න
සීසීටීවී ආරක්ෂක පද්ධතියක්
වෙනුවෙන් ඔබ වැය කළ මුදලට සරිලන ප්‍රතිලාභය පද්ධතිය සවි කර අවසන් වූ වහාම ඔබට
දැනගත හැකි වනු ඇත. ව්‍යාපාරික ස්ථානය ඔබ සිටිනා ස්ථානයේ සිටම නැරඹිය හැකි වීම
නිසා ආයතනයේ අභ්‍යන්තර පාලනය මනා සේ කලමනාකරණය කර ගත හැකිය. ආයතනයේ ප්‍රධානියාගේ
අධීක්‍ෂණය නිසා සේවක හැසීරීම් හා කාර්යක්‍ෂමතාවය වඩා හොඳ මට්ටමකට ලඟා වනු ඇත.
සොරකම්, දේපල හානි ආදිය අවම වන අතර අවශ්‍ය වුවහොත් සීසීටීවී දර්ශණ ඒ සඳහා සාක්‍ෂි
සපයනු ඇත.
02. සිදුවිය හැකි අපරාධ / හානි හඳුනාගැනීම
සහ වළක්වා ගන්න
යම් ස්ථානයක අධීක්ෂණයක්
නොමැති බව දුටු විට අපරාධකරුවන් එම ගොඩනැගිලි ඉලක්ක කිරීමේ වැඩි නැඹුරුතාවයක් පවතී.
සීසීටීවී කැමරාවන් තිබීම අපරාධකරුවන් හඳුනා ගැනීමට සහ ආරම්භයේදීම ඔවුන්ගේ ක්‍රියා වළක්වා
ගැනීමට ප්‍රයෝජනවත් වේ. ඒ හා සමානව,
ආරක්ෂිත උපද්‍රවයක් දැකීමෙන්, සේවකයින් සඳහා වන අවදානම
අවම කර ගැනීමටත්, ඉතා කඩිනමින්
අවශ්‍ය අංශ දැනුවත් කර සිදු වීමට යන හානිය වළක්වා ගැනීමටත් අවශ්‍ය පියවර ගත හැකිය.
03. ආයතනයේ වඩා හොඳ ආරක්ෂාවක් ඇතිකර ගන්න
හොඳින් සැලසුම් කරන ලද
සීසීටීවී පද්ධතියක් බිඳහෙලීම ප්‍රායෝගිකව එතරම් පහසු කාර්යයක් නොවේ. මන්ද හොඳ
සීසීටීවී පද්ධතියක් අවශ්‍ය ප්‍රදේශය 100% ක් ආවරණය කරන අතරම එක් එක් කැමරාව සහ ඒ කැමරාවන් මගින් ආවරණය නොවන blind
spots ද ආවරණය කරනු ලබයි. මිනිසුන් මුරකරුවන් ලෙස
සේවය කිරීමේදී සිදු විය හැකි අතපසු වීම් ආදිය සිදු නොවීමත් Remote online access පහසුකම සහ වීඩියෝ දර්ශණ
නීතිය ඉදිරියේ සාක්‍ෂි ලෙස භාවිතා කළ හැකි වීමත් අමතර වාසියකි.
04. සේවකයින්ගේ අවංකභාවය වැඩි කරන්න.
ආයතනයේ බාහිරින්
සීසීටීවී කැමරා ස්ථාපනය මගින් ව්‍යාපාරයට බාහිරින් එල්ල විය හැකි තර්ජන හඳුනාගත
හැකිය. නමුත් ආයතනයේ අභ්‍යන්තරයෙන් පැණ නැගිය හැකි ගැටලු හා සංවේදී දත්ත හෝ වත්කම්
වල ආරක්ෂාව සළකා ආයතනික අභ්‍යන්තර පරිශයේද කැමරා සවිකිරීම වඩා වැදගත් වනු ඇති අතර
සේවකයන් වැරදි කිරීමද අවම වනු ඇත.
05. සේවකයින්ගේ වැරදි හැසිරීම්
අවම කරන්න.
සීසීටීවී කැමරා
පද්ධතියක් ස්ථාපනය කර ඇත්නම් සේවකයින් සහ පාරිභෝගිකයන් හොඳ ආකල්පමය වෙනසකින්
ගණුදෙනු කරනු ඇත. එය පාරිභෝගික ආකර්ශනය ලැබීමටත් ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ලබා දීමටත්
හේතු වන අතර පාරිභෝගිකයන් ආරක්‍ෂිත බව දන්නා බැවින් ඔබ ආයතනය සමඟ ගණුදෙනු කිරීම
දිරිගන්වනු ඇත.
06. ආරක්ෂාව සම්බන්ධයෙන්
සිදුවිය හැකි සිද්ධි වලක්වන්න.
අධීක්ෂණ කටයුතු සඳහා
මිනිසුන් යෙදවීම වෙනුවට ව්‍යාපාරික ස්ථානයක හෝ ආයතනයක අධි අවදානම් සහිත ප්‍රදේශවල සීසීටීවී
කැමරා ස්ථාපනය කළ හැකිය. මෙම ඉහළ අවදානම් සහ අනතුරු වලට ලක්විය හැකි ප්‍රදේශ අතර ගින්නක්
ඇතිවිය හැකි ස්ථාන මෙන්ම ගොඩනැගිල්ලට හා කාර්ය මණ්ඩලයට අනතුරක් විය හැකි ස්ථානද ඇතුළත්
වේ. එමගින් සේවකයන් සඳහා පවතින අවදානම අවම කර ගැනීමට හැකියාව ඇත.
07. නීතිය බලාත්මක කිරීමට සහාය වීම
අපරාධයක් සිදු වූ ස්ථානයක
සීසීටීවී දර්ශණ, නීතිය ක්‍රියාත්මක
කරන ආයතනවලට භාවිතා කිරීමට හැකි අතර වැරදිකරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ තිබීම නීතිමය
ක්‍රියාවළියටත් සැකකරුවන් හඳුනා ගැනීමටත් මනා පිටිවහලක් වනු ඇත.
Comments
Post a Comment