ඔබේ ව්‍යාපාරයටත් e Commerce web site එකක්




අපේ ව්‍යාපාරයට (e Commerce web site එකක්) සරළව කිවුවොත් shopping cart එකක් සකස් කර ගැනීමේ අරමුණු තමයි ව්‍යාපාරික ඵලදායීතාවය ඉහළ නැංවීම, ඉතා පහසුවෙන් භාන්ඩ හා සේවා අලෙවි කර ගත හැකි වීම, විකුණුම් පරිමාණය ඉහළ නංවා ගැනීම ආදිය. ව්‍යාපාරය වෙනුවෙන් සකස් කරපු වෙබ් අඩවියෙන් මේවා ඉටු වෙන්නේ නැතිනම් එය කාළය සහ මුදල් අපතේ යැවීමක්.
පාරිභෝගිකයකු විසින් භාන්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමේ ක්‍රියාවළිය සම්පූර්ණයෙන් ස්වයංක්‍රීය කිරීමේ හැකියාව අද වන විට shopping cart system එකකට තියනවා. වෙනත් විදියකට කිවුවොත් පාරිභෝගිකයා විසින්ම අදාල කටයුතු සිදුකරගන්නා අතරම ඔබගේ සහ ඔබේ ආයතනයේ සේවකයන්ගේ කාලය ඉතිරි වෙනවා වගේම ඉතා පහසුවෙන් ලඟා විය හැකි සීමා මායිම් නැති වෙලඳපොළකුත් විවිර වෙනවා. ඒත් එක්කම ගනුදෙණු කිරීමේ ක්‍රමවේදයත් ඉතා සරළ නිසා ඔබට මුදල් උපයන අතරම පාරිභෝගිකයාගේ තෘප්තියත් ඉහල නංවන්න පුලුවන්.
හොඳ shopping cart එකක තිබිය යුතු විශේෂාංග ගැන දැනුවත් වෙලා ඉන්න එක වැදගත්.
භාන්ඩ සහ සේවා යන දෙකොටසටම සහාය දැක්වීම හොඳ shopping cart එකක ලක්ෂණයක්. උදා: විදියට e book එකක්, මෘදුකාංගයක් නැත්නම් මොකක් හරි සේවාවක් අලෙවි කළ හැකි විය යුතු අතරම භාන්ඩයක් උනත් අලෙවි කිරීමට හැකි විය යුතුයි.
වෙබ් අඩවිය පරිශීලනය කරන පාරිභෝගිකයා තමා විසින් මිලදී ගන්න යන භාන්ඩයට ආශ්‍රිත භාන්ඩ  (featured and related products) මිලදී ගන්නා ආකාරයට පෙළඹවෙන සේ භාන්ඩ හෝ සේවා ඉදිරිපත් කිරීමට හැකි නම් ඔබට අලෙවිය ඉහල නංවාගැනීමට හැකියාව තියනවා. අපට ඉක්මනින් විකුණාගත යුතු භාන්ඩ වේ නම් featured product එකක් ලෙස දැක්වීමත් වෙළඳ උපක්‍රමයක්.
Online විකුනන්න තියන භාන්ඩයක product description එක ඉතා වැදගත්. යම් කෙනෙකු විසින් භාන්ඩයක් මිලදී ගන්නවාද නැද්ද යන්න පවා තීරණය කිරීමට මේක ඍජුව බලපානවා. ඒ වගේම භාන්ඩ පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කරන ආකාරයත් ඉතා වැදගත්.
දත්ත පද්ධති කලමනාකරණය, real time transaction processing හැකියාව, delivery charges සහ tax ගණනය කිරීමේ හැකියාව, තොග පාලනය සම්බන්ධ පහසුකම්, පාරිභෝගික දත්ත පද්ධති කලමනාකරණය, විද්‍යුත් තැපැල් මගින් අලෙවිකරණයට ඇති පහසුකම් ආදිය ගැනත් සැළකිලිමත් වීම වටිනවා  shopping cart එකක් හඳුන්වා දෙන්න කළින්.
 වැඩ අඩු කරන ගමන් වැඩි ප්‍රතිලාභයක් ලබන්න නම් විවිධ අලෙවිකරණ ක්‍රමවේදයන් භාවිතා කිරීමට සිදු වෙනවා. අපේ ව්‍යාපාරයේ පාරිභෝගිකයන්ගේ රුචිකත්වයට අනුව භාන්ඩ ඉදිරිපත් කිරීමත් සෑහෙන ප්‍රතිඵලදායී ක්‍රමවේදයක්. මේ වෙනකොට මේ වගේ විශ්ලේශණ හැකියාව සහිත කෘතිම බුද්ධි වැඩසටහන් පවා සංවර්ධනය කරලා තියනවා.  
මේ කාර්යයන් සියල්ල දැන් ඉතා පහසුවෙන් නිවැරදිව ඉටුකර ගැනීමේ හැකියාව ඇති මෘදුකාංග තියනවා. සුබ ආරංචිය තමයි මේ අතරින් සමහර මෘදුකාංග නිදහස් සහ නොමිලයේ (free and open source) භාවිතා කල හැකි ඒවා වීම. ඔබටත් පොඩ්ඩක් උත්සාහ කරලා බැලුවොත් ඔබේම කියලා  shopping cart එකක් හදාගන්න ලක්ෂ ගණන් වියදම් කළ යුතු නෑ. නිතර අළුත් වන ඩිජිටල් ලෝකෙට ඔබේ ව්‍යාපාරයත් ගෙනියන්න තවම ඔබ ප්‍රමාද නෑ.
මිලියන ගණන් ආදායම් ලබන අන්තර්ජාලය මත පදනම් වූ වෙළඳාම් ලංකාවෙත් තියනවා. කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉතා පහසුවෙන් වෙළඳපලට පිවිසීමේ ඉඩ ප්‍රස්ථාව ඇති වෙලා තියනවා. මේකට මහා ලොකු මුදළක් වියදම් කළ යුතු නෑ.  වයාපාරික වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ Amazing Academy අපේ එක්දින පාඨමාලාවෙන් මේ සම්බන්ධයෙන් දැණුම ලබා ගැනීමට දැන් ඔබට අවස්ථාව තියනවා. එක එක්කෙනාට රැවටිලා වෙබ් අඩවි සකස් කරගන්න බැරිවුනු කාලෙ අදින් ඉවරයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණතම වෘත්තීයවේදීන් විසින් පරිගණක පිළිබඳ මූළික දැණුමක් පමනක් ඇති අය වෙනුවෙන්ම සකස් කරන ලද සුවිශේෂී වැඩමුළුව, Programming පිළිබඳ දැණුමක් අවශ්‍ය නෑ. කතා කරන්න අපට : 071 335 6263

Comments